Tuesday, July 27, 2010

මතකයක දින සටහන්

ඇවිදයයි ජීවිතේ
සොඳුරු හිස් මාවතේ
දැනේ දෙනුවන්
දුටුව සිතුවම්
යලි මැවී
මා සිහිනයේ..

බර වූ සුසුම්
හඬ රැඳි දසුන්
දුටු රූ අඳුන්
සිහි වේ පැතුම්
හිත ලඟ නැතී
රුව නුඹ වැනී..

දින දින ගෙවී
මතකය රැඳී
සිහිවෙන යලි
පදවැල් මැවෙයි
හිස් පිටු ම වෙයි

Friday, July 23, 2010

කොටු වූ ජීවිත

කොටුවකින් බැස
පටු මාවත් දිගේ
තවත් කොටුවක් තුලට
කොටු වෙලා

කොටු කෙරුනු තිරය මත
කොටු වැටුනු අකුරු හා
ගොඩනගයි කොටු නොවූ
ජීවිතේ...

දිග කොටු සල්ලි කොල
මත මැවුනු ලෝකයේ..,
කොටු කපයි
කොටු මවයි
කොටු පනියි
මිනිසුන්,

පැන යන්න
සිහිනයේ...

Tuesday, July 13, 2010

සමුගැන්මක සටහන

සමුගනිමි සෙනෙහසින්
තවත් එක නැවතුමක
අවසානය වේවි
ජීවිතේ ...

සිනහා සැනසුම දුන්න
දුක කඳුල කියාදුන්
සැවොම සිහිකරම් මම
ආදරෙන් ...

අදින් පසු නොමැත මා
පියවි නෙත් මානයේ
විඳගන්න විඳවන්න
ජීවිතේ ...

මා මතක පිටු අතර
සිහින රූ ඇන්ද..,
ඔබ මතක පිටු අතර
මතකයක් ඉතිර කර
හැර යන්න සැරසුමයි
මා මෙසේ ...