Saturday, August 28, 2010

මෙහෙම කවි

හැඟුම් නැති වදන් නැති 
ලඟින් නැති සිටිත් නැති 
වැඩක් නැති සිතුවිලි වලට
මම ලියන මෙහෙම කවි 

හිස් වෙච්ච පොඩි හිතට
දුක් වෙච්ච ඇස් දෙකට 
හීන නැති මොකුත් නැති 
හිත ලිව්ව මෝඩ කවි 

Monday, August 16, 2010

අහස පොළොව..

අහසක් ඇයි පොළොවට -
දුරින් ඉදන් විදගන්නට

සඳක් මැවී තරු කැට මත -
අහසට හිමි,නොව පොළොවට

කටු කැරකෙන කාලය තුල -
අහස පොළොව දුර දුරමය..