Wednesday, September 22, 2010

නිහඬ සතුටක්

අලුත් කවියක් සිහිනයේ
වදන් අතරේ එතෙන්නට..
නිහඬ සතුටක් විඳිම් 
අරමුණක් වෙලුනු කල


කොහේ කොතනක හෝ
සිහිනයක් මග බලන සඳ
පැතුම් පුරවා සිටින්නම් 
නුඹ ලගින් බව දැනෙයි මට

Saturday, September 18, 2010

ඒවි දවසක්

නෙත අග රැදුනු බිඳුවක්
නොවැටී ඉන්න බැරිදෝ ...
තෙමුනත් සිනිඳු දෙකොපුල්
නෑ එහි කිසිම අරුතක්
අපූරුයි මේ ලෝකයේ
හිතට දැනෙනා දඬුවම්
සිනහා නගන් දෙතොලින්
ලැබුනට තවත් සරදම්
නැති නිසා හිතේ අහිතක්
අපිටත් ඒවි දවසක් ...

Sunday, September 12, 2010

~ නුඹේ කෝණය ~

ඈ නෙත ගැටී 
අනේ මම නුදුටිමී 
සිහින දුටුවද එහි 
මට මතක නැති හැටී 

ලඟින් මම රැඳී 
උන්නේ ඇයිද නොදනී 
හිතක් ඈ ලඟ නැතී 
නැතත් ටික ටික සොයමී 
ඇයිදැයි මමද නොදනී 

විටෙක සිත ඇය සොයති 
හිත ඔහේ දුවන විටදී 
එහෙත් ඇය නොපෙනි 
යනවා සිසිලස දැනෙන විටදී

අනුකම්පාවක් දැනී 
ආදරයක් නොවේ නොදනිමි 
වැරදිලා මට කියවුණි 
ඈ එය නොසිතනු ඇතී 
සිතන්නට අමතක වෙති