Friday, July 23, 2010

කොටු වූ ජීවිත

කොටුවකින් බැස
පටු මාවත් දිගේ
තවත් කොටුවක් තුලට
කොටු වෙලා

කොටු කෙරුනු තිරය මත
කොටු වැටුනු අකුරු හා
ගොඩනගයි කොටු නොවූ
ජීවිතේ...

දිග කොටු සල්ලි කොල
මත මැවුනු ලෝකයේ..,
කොටු කපයි
කොටු මවයි
කොටු පනියි
මිනිසුන්,

පැන යන්න
සිහිනයේ...

2 comments:

  1. කොටුවක් ඇතුලේ හිරවෙලා හිටියා හොඳටම ඇති නේද . . දැන් වත් එලියට පැනලා කොටුවෙන් එලියේ ජීවිතය විඳින්න ට්‍රයි කරමු . . .

    ReplyDelete
  2. පනින්නට හැකි නම් පනිනවා අදම මං :)

    ReplyDelete