Tuesday, July 13, 2010

සමුගැන්මක සටහන

සමුගනිමි සෙනෙහසින්
තවත් එක නැවතුමක
අවසානය වේවි
ජීවිතේ ...

සිනහා සැනසුම දුන්න
දුක කඳුල කියාදුන්
සැවොම සිහිකරම් මම
ආදරෙන් ...

අදින් පසු නොමැත මා
පියවි නෙත් මානයේ
විඳගන්න විඳවන්න
ජීවිතේ ...

මා මතක පිටු අතර
සිහින රූ ඇන්ද..,
ඔබ මතක පිටු අතර
මතකයක් ඉතිර කර
හැර යන්න සැරසුමයි
මා මෙසේ ...

3 comments:

  1. ලස්සන නිර්මණයක් මචන්...තව ලියන්න...සුභ පැතුම්... :)

    ReplyDelete