Thursday, December 30, 2010

වසරක් ගෙවී ගිය වග

වෙනසක් සෙවූ තවත් වසරක් ගතවිය මෙසේ
වෙනස් වෙන ලෝකයක වෙනස් වන මිනිසුන් මැද
වෙනස් වන්නට වෙහෙස වූ
එසවූ පා තවමත් එසේ

දින සති මාස
ගෙවී වසරක් නිමා වන සඳ
හැරී බලමින්
වැටුනු - හිනැහුනු ජීවිතය දෙස,

බලා ඉන්නට අවසරයි
තවත් එක් සිහින වසරක් දෙස

Saturday, December 18, 2010

තේරුමක් නැති .

වරම් නැති මට ජීවිතේ - ලඟින් ඉන්නට ඔය නෙතේ
දුරක ගිය නුඹ ඇය කෙරේ - අයිති නෑ සිතුවිලි මගේ

මටත් හොරෙන් හිත ගිය දුරක - සිහිනයක අන්ධ වී සුසුමක
දෙලොවක් අතර තනිවුන - පාර සෙව්වා තනිවම

ගලවන්නට හැකි නම් - සිතුවිලි විටෙක දුක නම්
පාවි යන්න දුනි මං - දනිමි නොඇසෙන බව නම්

ආදරය ලොව මනරම් - දුකක් නෑ හිත දුර නම්
සිහින නෑ මට තව නම් - ගෙවනු හැර සිත සතුටින්

Wednesday, September 22, 2010

නිහඬ සතුටක්

අලුත් කවියක් සිහිනයේ
වදන් අතරේ එතෙන්නට..
නිහඬ සතුටක් විඳිම් 
අරමුණක් වෙලුනු කල


කොහේ කොතනක හෝ
සිහිනයක් මග බලන සඳ
පැතුම් පුරවා සිටින්නම් 
නුඹ ලගින් බව දැනෙයි මට

Saturday, September 18, 2010

ඒවි දවසක්

නෙත අග රැදුනු බිඳුවක්
නොවැටී ඉන්න බැරිදෝ ...
තෙමුනත් සිනිඳු දෙකොපුල්
නෑ එහි කිසිම අරුතක්
අපූරුයි මේ ලෝකයේ
හිතට දැනෙනා දඬුවම්
සිනහා නගන් දෙතොලින්
ලැබුනට තවත් සරදම්
නැති නිසා හිතේ අහිතක්
අපිටත් ඒවි දවසක් ...

Sunday, September 12, 2010

~ නුඹේ කෝණය ~

ඈ නෙත ගැටී 
අනේ මම නුදුටිමී 
සිහින දුටුවද එහි 
මට මතක නැති හැටී 

ලඟින් මම රැඳී 
උන්නේ ඇයිද නොදනී 
හිතක් ඈ ලඟ නැතී 
නැතත් ටික ටික සොයමී 
ඇයිදැයි මමද නොදනී 

විටෙක සිත ඇය සොයති 
හිත ඔහේ දුවන විටදී 
එහෙත් ඇය නොපෙනි 
යනවා සිසිලස දැනෙන විටදී

අනුකම්පාවක් දැනී 
ආදරයක් නොවේ නොදනිමි 
වැරදිලා මට කියවුණි 
ඈ එය නොසිතනු ඇතී 
සිතන්නට අමතක වෙති 


Saturday, August 28, 2010

මෙහෙම කවි

හැඟුම් නැති වදන් නැති 
ලඟින් නැති සිටිත් නැති 
වැඩක් නැති සිතුවිලි වලට
මම ලියන මෙහෙම කවි 

හිස් වෙච්ච පොඩි හිතට
දුක් වෙච්ච ඇස් දෙකට 
හීන නැති මොකුත් නැති 
හිත ලිව්ව මෝඩ කවි 

Monday, August 16, 2010

අහස පොළොව..

අහසක් ඇයි පොළොවට -
දුරින් ඉදන් විදගන්නට

සඳක් මැවී තරු කැට මත -
අහසට හිමි,නොව පොළොවට

කටු කැරකෙන කාලය තුල -
අහස පොළොව දුර දුරමය..

Tuesday, July 27, 2010

මතකයක දින සටහන්

ඇවිදයයි ජීවිතේ
සොඳුරු හිස් මාවතේ
දැනේ දෙනුවන්
දුටුව සිතුවම්
යලි මැවී
මා සිහිනයේ..

බර වූ සුසුම්
හඬ රැඳි දසුන්
දුටු රූ අඳුන්
සිහි වේ පැතුම්
හිත ලඟ නැතී
රුව නුඹ වැනී..

දින දින ගෙවී
මතකය රැඳී
සිහිවෙන යලි
පදවැල් මැවෙයි
හිස් පිටු ම වෙයි

Friday, July 23, 2010

කොටු වූ ජීවිත

කොටුවකින් බැස
පටු මාවත් දිගේ
තවත් කොටුවක් තුලට
කොටු වෙලා

කොටු කෙරුනු තිරය මත
කොටු වැටුනු අකුරු හා
ගොඩනගයි කොටු නොවූ
ජීවිතේ...

දිග කොටු සල්ලි කොල
මත මැවුනු ලෝකයේ..,
කොටු කපයි
කොටු මවයි
කොටු පනියි
මිනිසුන්,

පැන යන්න
සිහිනයේ...

Tuesday, July 13, 2010

සමුගැන්මක සටහන

සමුගනිමි සෙනෙහසින්
තවත් එක නැවතුමක
අවසානය වේවි
ජීවිතේ ...

සිනහා සැනසුම දුන්න
දුක කඳුල කියාදුන්
සැවොම සිහිකරම් මම
ආදරෙන් ...

අදින් පසු නොමැත මා
පියවි නෙත් මානයේ
විඳගන්න විඳවන්න
ජීවිතේ ...

මා මතක පිටු අතර
සිහින රූ ඇන්ද..,
ඔබ මතක පිටු අතර
මතකයක් ඉතිර කර
හැර යන්න සැරසුමයි
මා මෙසේ ...

Sunday, June 13, 2010

අලුත් ජීවිතයක්

දැනෙන තනිකම
මැව්ව විට සිහින ,
විඳින හිස් හදවතක්
ජීවිතය සොයා යයි..,
ඇරඹුමද
ගැටලුවද
සිතාගත නොහැකිව..

Monday, May 24, 2010

සොයා යමි ජීවිතය

ජීවිතය මෙය නම්
කදුල යනු දුර දැන්
දුහුවිලිද දැවටී
රිදුම් දෙනු මිසක්
කොහිද ජීවයක්
අපැහැදිලි හදවතක ..

Wednesday, April 21, 2010

අද

හිරු හිනැහෙන විට හිනැහෙන හසරැල්
තරු හිනැහෙන විට සැගවෙලා
ලොව හිනැහෙන විට මතුවන පැතුමන්
තනි වූ කල හද රිදවලා
සිහිනෙක දුටු සුභ සිහිනෙක සැනසුම
පිබිදුනු නෙත් මත බොදවෙලා
සිත ලග සිතනැති ලගනැති සිසිලස
ජීවිතයේ අරුමය වෙලා