Saturday, February 5, 2011

සුලඟ ඔබ ද

සිහිනයක් දෝ මේ
ඇස් අතර සෙල්ලම් කරන..
ජිවිතය දෝ මේ
හිතාගන්නට බැරුව ලතැවෙන ..
භයයි හිත රහසේ
ලංව දුර යන දුකට මියැදෙන ..

Wednesday, January 26, 2011

රූපයද ආදරය ?

ආදරය දුර තව - තැවෙන්නෑ දැන් ඇය
කවට ලෙස ලොව දකින - මිනිසුන්ට අහිමි ඇති

  වෛවර්ණ පුයර මත - දිලෙන දිගු කෙස් අතර
  අන්ධ වන රූපයට - පණ කොහෙද දන්නවද

මේ කවට මුහුන යට  - ජීවයක් තිබෙන බව
හිත දන්නවා හොඳට - හැම විහිලු කෙරුවාට

  වසඟ සිනහා නැතත් - බොරුව නැති හිතක් ඇත
  ආදරය නැතුවාට - හිනැහේවි ඇය කඳුලු පිස

Wednesday, January 12, 2011

මට නොතේරෙන කවි

ඇසුවාම මගෙන්
මම දන්න තරම්
හිස් අහස දුරයි
ලඟ දුර බොහොමයි
                                 හිත ලඟ පුරුදු
                                 නෑ එහෙම නෙවෙයි
                                 ඔව් අහස දුරයි
                                 ලං වෙනු බැරිලූ
නොදැනෙන්නෙ කිමැයි
ඒ සවිය මගෙයි
ඒ සුවඳ හුරුයි
හිත රැවටුනි දෝ
                                ලං වෙන්න නෙවෙයි
                                ලඟ නැති දුකටයි
                                හිත රැදුන සෙනේ
                                හරි හිස් දුකලූ

Saturday, January 8, 2011

පෙරමග සිහින

සඳක් හිනැහෙන දිනක් ඒවී 
ජීවිතේ මතු දා
දුකක් සැගවෙන සවිය ඒවී
සිසිල ලඟ රැදිලා
හිතෙ පාවෙන පාලු කවි පද 
සිදී ජීවය මතු වෙනා
හීන අතරින් ජීවිතේ  ගෙන
බලා ඉන්නෙම් රෑ දිවා 

Thursday, December 30, 2010

වසරක් ගෙවී ගිය වග

වෙනසක් සෙවූ තවත් වසරක් ගතවිය මෙසේ
වෙනස් වෙන ලෝකයක වෙනස් වන මිනිසුන් මැද
වෙනස් වන්නට වෙහෙස වූ
එසවූ පා තවමත් එසේ

දින සති මාස
ගෙවී වසරක් නිමා වන සඳ
හැරී බලමින්
වැටුනු - හිනැහුනු ජීවිතය දෙස,

බලා ඉන්නට අවසරයි
තවත් එක් සිහින වසරක් දෙස

Saturday, December 18, 2010

තේරුමක් නැති .

වරම් නැති මට ජීවිතේ - ලඟින් ඉන්නට ඔය නෙතේ
දුරක ගිය නුඹ ඇය කෙරේ - අයිති නෑ සිතුවිලි මගේ

මටත් හොරෙන් හිත ගිය දුරක - සිහිනයක අන්ධ වී සුසුමක
දෙලොවක් අතර තනිවුන - පාර සෙව්වා තනිවම

ගලවන්නට හැකි නම් - සිතුවිලි විටෙක දුක නම්
පාවි යන්න දුනි මං - දනිමි නොඇසෙන බව නම්

ආදරය ලොව මනරම් - දුකක් නෑ හිත දුර නම්
සිහින නෑ මට තව නම් - ගෙවනු හැර සිත සතුටින්

Wednesday, September 22, 2010

නිහඬ සතුටක්

අලුත් කවියක් සිහිනයේ
වදන් අතරේ එතෙන්නට..
නිහඬ සතුටක් විඳිම් 
අරමුණක් වෙලුනු කල


කොහේ කොතනක හෝ
සිහිනයක් මග බලන සඳ
පැතුම් පුරවා සිටින්නම් 
නුඹ ලගින් බව දැනෙයි මට