Saturday, February 5, 2011

සුලඟ ඔබ ද

සිහිනයක් දෝ මේ
ඇස් අතර සෙල්ලම් කරන..
ජිවිතය දෝ මේ
හිතාගන්නට බැරුව ලතැවෙන ..
භයයි හිත රහසේ
ලංව දුර යන දුකට මියැදෙන ..

Wednesday, January 26, 2011

රූපයද ආදරය ?

ආදරය දුර තව - තැවෙන්නෑ දැන් ඇය
කවට ලෙස ලොව දකින - මිනිසුන්ට අහිමි ඇති

  වෛවර්ණ පුයර මත - දිලෙන දිගු කෙස් අතර
  අන්ධ වන රූපයට - පණ කොහෙද දන්නවද

මේ කවට මුහුන යට  - ජීවයක් තිබෙන බව
හිත දන්නවා හොඳට - හැම විහිලු කෙරුවාට

  වසඟ සිනහා නැතත් - බොරුව නැති හිතක් ඇත
  ආදරය නැතුවාට - හිනැහේවි ඇය කඳුලු පිස

Wednesday, January 12, 2011

මට නොතේරෙන කවි

ඇසුවාම මගෙන්
මම දන්න තරම්
හිස් අහස දුරයි
ලඟ දුර බොහොමයි
                                 හිත ලඟ පුරුදු
                                 නෑ එහෙම නෙවෙයි
                                 ඔව් අහස දුරයි
                                 ලං වෙනු බැරිලූ
නොදැනෙන්නෙ කිමැයි
ඒ සවිය මගෙයි
ඒ සුවඳ හුරුයි
හිත රැවටුනි දෝ
                                ලං වෙන්න නෙවෙයි
                                ලඟ නැති දුකටයි
                                හිත රැදුන සෙනේ
                                හරි හිස් දුකලූ

Saturday, January 8, 2011

පෙරමග සිහින

සඳක් හිනැහෙන දිනක් ඒවී 
ජීවිතේ මතු දා
දුකක් සැගවෙන සවිය ඒවී
සිසිල ලඟ රැදිලා
හිතෙ පාවෙන පාලු කවි පද 
සිදී ජීවය මතු වෙනා
හීන අතරින් ජීවිතේ  ගෙන
බලා ඉන්නෙම් රෑ දිවා