Sunday, September 12, 2010

~ නුඹේ කෝණය ~

ඈ නෙත ගැටී 
අනේ මම නුදුටිමී 
සිහින දුටුවද එහි 
මට මතක නැති හැටී 

ලඟින් මම රැඳී 
උන්නේ ඇයිද නොදනී 
හිතක් ඈ ලඟ නැතී 
නැතත් ටික ටික සොයමී 
ඇයිදැයි මමද නොදනී 

විටෙක සිත ඇය සොයති 
හිත ඔහේ දුවන විටදී 
එහෙත් ඇය නොපෙනි 
යනවා සිසිලස දැනෙන විටදී

අනුකම්පාවක් දැනී 
ආදරයක් නොවේ නොදනිමි 
වැරදිලා මට කියවුණි 
ඈ එය නොසිතනු ඇතී 
සිතන්නට අමතක වෙති 


2 comments:

  1. නොදනිමි...නොමදකිමි...හැඩතල...හදවතේ....

    ReplyDelete