Thursday, December 30, 2010

වසරක් ගෙවී ගිය වග

වෙනසක් සෙවූ තවත් වසරක් ගතවිය මෙසේ
වෙනස් වෙන ලෝකයක වෙනස් වන මිනිසුන් මැද
වෙනස් වන්නට වෙහෙස වූ
එසවූ පා තවමත් එසේ

දින සති මාස
ගෙවී වසරක් නිමා වන සඳ
හැරී බලමින්
වැටුනු - හිනැහුනු ජීවිතය දෙස,

බලා ඉන්නට අවසරයි
තවත් එක් සිහින වසරක් දෙස

No comments:

මට වටින,පදවැලක ගුණ දොස්