Wednesday, January 26, 2011

රූපයද ආදරය ?

ආදරය දුර තව - තැවෙන්නෑ දැන් ඇය
කවට ලෙස ලොව දකින - මිනිසුන්ට අහිමි ඇති

  වෛවර්ණ පුයර මත - දිලෙන දිගු කෙස් අතර
  අන්ධ වන රූපයට - පණ කොහෙද දන්නවද

මේ කවට මුහුන යට  - ජීවයක් තිබෙන බව
හිත දන්නවා හොඳට - හැම විහිලු කෙරුවාට

  වසඟ සිනහා නැතත් - බොරුව නැති හිතක් ඇත
  ආදරය නැතුවාට - හිනැහේවි ඇය කඳුලු පිස

No comments:

මට වටින,පදවැලක ගුණ දොස්